මිස් කුඩු,ලුණු,සීනි සහ සෝස් කන අයට දැඩි අනතුරු ඇඟවීමක්..හේතුව මෙන්න..

Sri Lanka Businessman Sri Lanka Customs
By Aruna Jun 17, 2023 11:52 PM GMT
Report

මිරිස් කුඩු වලට පිටි ,ලුණු හා වර්ණක බොහෝ ලෙස එක් කර විකුණන බව මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් චෝදනාවක් සිදුකරනවා.

මේ සම්බන්ධයෙන් එම සංගමයේ රෝෂන් කුමාර මහතා, නඩු විශාල සංඛ්‍යාවක් ගොනු කර ඇති බව ද සටහනක් තබා තිබේ.

තක්කාලි සෝස් බොහොමයකට වර්ණ එක් කර ඇති අතර සමහර කේටරින් තක්කාලි සෝස් වර්ග වල තක්කාලි කිසිවක් අඩංගු නොවන අවස්ථාද වාර්තා වී ඇති බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ රෝෂන් කුමාර මහතා සටහන් තබමින් වැඩිදුරටත් පවසා ඇත්තේ.

මේ අතර සුදු සීනි රතු කිරීමේ ජාවාරම්ද බහුල බව ඔහු පවසා සිටින අතර ඒ සම්බන්ධව නඩු රැසක් ද ගොනු කර ඇති බවයි ඔහු වැඩිදුරටත් අනාවරණය කර ඇත්තේ.