වහාම ඉදිරියේදි හැමෝම බලාපොරොත්තු වෙන ආහාර දෙකක මිල අඩුවෙයි.. රුපියල් 100 කටත් වඩා වාසි..
Food Shortages
Sri Lanka
Egg
By Sewvandhi
රුපිරියල් 75 ක් ලෙස පැවති බඩ ඉරිගු ආනයන බද්ද රුපියල් 25 ක් දක්වා අඩුකිරීමට ඊයේ පියවර ගත්තා.
දේශීය සත්ව ආහාරවල මිල අඩු කිරීමේ අරමුණින් එම පියවර ගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේ.
මේ හේතුවෙන් අද දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් සත්ව නිශ්පාදකයන්ගේ සංගමය කියා සොටියේ කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් ඉදිරියේදි ඒ අනුව 100 කින් අඩු කිරීමට හැකියාව පවතින බව ශ්‍රි ලංකා සත්ව නිශ්පාදකයන්ගේ සගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා ප්‍රකාශ කළා.
ඒ අනුව ඉදිරියේදි කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් 1200 ක වගේ මිලකට ලබා ගත හැකි වනවා එමෙන්ම දේශීය බිත්තර මිලද ඉදිරියේදි අඩු කිරීමට පියවර ගන්නා බවයි ඔවුන් කියා සිටියේ.
- සිතුමි -