රට පුරා පාසල් සිසුන් ලක්ෂ 10 කට බලපාන අවාසිදායක තීරණයක්..
පාසල් දරුවකුගේ ආහාර වේලක් වෙනුවෙන් දැනට ගෙවන රුපියල් අසූ පහක (85) මුදල රුපියල් එකසිය පහළොව (115) දක්වා වැඩි කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.
අමාත්‍යාංශය මෙම පියවර ගනිමින් සිටින්නේ දැනට ගෙවන මුදල අනුව තවදුරටත් දිවා ආහාරය සැපයීමට නොහැකි බව සැපයුම්කරුවන් කළ දැනුම් දීම අනුවයි.
මෙම මුදල වැඩි කිරීමට අදාළව මුදල් අමාත්‍යාංශ නියෝජිතයන් ද සහභාගි වූ සාකච්ඡාවක් පසුගියදා අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
අමාත්‍යාංශය ආරංචි මාර්ග සඳහන් කළේ, එක් ආහාර වේලක් වෙනුවෙන් රුපියල් එකසිය පහළොවක් දීම ප්‍රමාණවත් බව එම සාකච්ඡාවේදී සඳහන් වී තිබෙන අතර, දැනට වෙළෙඳපොළේ සහල් සහ පරිප්පු ඇතුළු වියළි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් යළිත් සලකා බලා ලබන සතියේදී අවසන් තීරණයක් ගන්නා බවයි.
මේ වන විට සිසුහු දස ලක්ෂයක් දිවා ආහාර වැඩසටහනේ ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටින තත්ත්වයක් තුළයි මෙවැනි තීරණයකට යොමුව ඇත්තේ.