මෙරට ආහාර සම්බන්ධයෙන් නවතම සමීක්ෂණයකින් හෙලි වූ දේ..

Healthy Food Recipes Sri lanka Food Recipes Sri Lanka Food Crisis Sri Lanka Fuel Crisis
By krishani May 30, 2023 05:38 PM GMT
krishani

krishani

in ආහාර
Report

මෙරට ජනගහනයෙන් 17%ක පිරිසක් මධ්‍යස්ථ උග්‍ර ආහාර අනාරක්ෂිතභාවයෙන් පීඩාවට ලක්ව සිටින බව අනාවරණය වී ඇත.

ඒ එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සහ ලෝක ආහාර වැඩපිළිවෙල ඒකාබද්ධව සිදුකළ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මෙහෙයුම් වාර්තාවට අනුවයි.

එම වාර්තාවට අනුව උතුරු, නැගෙනහිර සහ මධ්‍යම පළාත්වල වැඩි පිරිසක් මෙලෙස ආහාර අනාරක්ෂිතභාවයට පත් වී සිටියි.

එය පසුගිය වර්ෂයේ ජුනි සහ ජූලි මාස සමග සැසඳීමේ දී ආසන්න වශයෙන් 40%ක අඩුවීමක් ය.

මේ අතර, පසුගිය වසරේ දැඩි ආහාර අනාරක්ෂිතභාවයට පත් වූ 66,000ක් මේ වසර වන විට ආසන්න වශයෙන් 10,000ක් දක්වා අඩු වී තිබෙනවා.

ඊට බලපා ඇති හේතු ලෙස එම  වාර්තාවෙන් පෙන්වා දෙන්නේ, ආහාර මිල ගණන් යම්තාක් දුරකට අඩුවීම සහ මෙම වාර්තාවට අවශ්‍ය කරුණු අධ්‍යයනය කරන කාලය තුළ දී අස්වනු නෙලීම හේතුවෙන් සිදු වූ ආදායම් මට්ටම් ඉහළ යාම තුළින් ආහාර පරිභෝජන රටාවල වෙනසක් සිදුවීම වැනි කරුණු ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join