පාර්ලිමේන්තු මාධ්‍ය බත්පතේ තිබී හමු වූ දේවල්.
අද (23) දහවල් පාර්ලිමේන්තුවෙන් මාධ්‍යවේදීන්ට බත් සමඟ ලබාදුන් හාල් මැස්සන් බැඳුමේ තිබී අඩියකට ආසන්න දිග ගෝනි නූලක් හමුවී තිබෙනවා.
අදාළ මාධ්‍යවේදියා ඒ අවස්ථාවේදීම භෝජන අංශයේ ප්‍රධානීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කර ගෝනි නූල ඔවුන්ට බාරදී ඇති බව සඳහන්.
මේ අතර පාර්ලිමේන්තු භෝජන අංශයෙන් මාධ්‍යවේදීන්ට ඊයේ දහවල් සැපයුණු ආහාර වර්ග දෙකකින් පිළුණු රස දැනුණු බව ඔවුන් පවසනවා.
එමෙන්ම පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් සැපයුණු ආහාරවල තිබී පණුවන්, ප්ලාස්ටික් කැබලි, තංගුස් නූල් කැබලි වැනි දෑ මීට පෙරද වරින් වර සොයාගෙන තිබෙනවා.
මේ අතර පාර්ලිමේන්තුවේ භෝජන අංශයෙන් පෙරේදා(22) සැපයුණු මාළු විෂවීමෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් දැඩි ලෙස රෝගාතුරව නාරාහේන්පිට පොලිස් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයෙන් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔවුන් රෝහල කරා රැගෙන ගොස ඇත්තේ ගිලන් රථයකින්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතාගේ නියමයෙන් පරීක්ෂණයක් දැනටමත් ආරම්භ වී තිබෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |