අද සිට පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන්න යන දෙය ගැන දැනුම්දීමක් - හැබැයි මෙහෙමයි..

Ministry of Education A D Susil Premajayantha Sri Lankan Schools Education School Incident
By krishani Mar 24, 2024 07:28 PM GMT
Report

අද (25) දින සිට පළමු ශ්‍රේණියේ සිට පහ ශ්‍රේණිය දක්වා දිවයිනේ සියලු පාසල් දරුවන්ට ප්‍රධාන ආහාර වේලක් ලබාදීමේ වැඩපිළිවෙල ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ ය.

අද සිට පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන්න යන දෙය ගැන දැනුම්දීමක් - හැබැයි මෙහෙමයි.. | Food For School Students From Today

පෝෂණවේදීන්ගේ නිර්දේශ සැළකිල්ලට ගෙන සිසුන් අධ්‍යාපන කටයුතුවල නිරතවීමට පෙර මෙම ආහාරවේල ලබාදීමට නියමිත ය. 

රජයේ පාසල් 9,134ක ප්‍රාථමික ශ්‍රේණිවල සියලු සිසුන් හා සියයට අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින සියලු පාසල් ආවරණය වන පරිදි එම ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරිමට නියමිතව ඇත. 

මේ සඳහා රුපියල් මිලියන 16,600ක මුදලක් අයවැය මඟින් සෘජුවම පළාත් සභා 09 වෙත වෙන්කර ඇත.

කෙසේ වෙතත්, ලෝක ආහාර වැඩසටහන සහ එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඇතුළු සංවිධාන කිහිපයක් අනුග්‍රහය දක්වා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.