සියල්ලන් බලාසිටි වසරේ දැවැන්තම ආහාර පාන සැණකෙළිය හෙට සහ අනිද්දා - සියලු විස්තර මෙතනින්..

Sri Lanka Sri lanka Food Recipes
By Sewvandhi Mar 16, 2023 04:29 AM GMT
Report

බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය මගින් සංවිධානය කරන Western Breeze Festival - ආහාර පාන සැණකෙළිය - 2023 මාර්තු මස 17 සහ 18 යන දෙදින තුළ වත්තල වැලිසර නවලෝක ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. 

දේශීය ආහාර පානවලට අමතරව ප්‍රංශ, ඉතාලි, ජර්මන්, චීන සහ තවත් රටවල විවිධ ආහාර පාන මෙහිදී ප්‍රදර්ශනය කිරීම සහ භුක්ති විඳීමේ හැකියාව සහභාගීවන්නන් සඳහා අවස්ථාව සලසා ඇත. සැණකෙළිය ප.ව. 5.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා පැවැත්වෙයි.

කුඩා දරුවන් සඳහා විනෝද ක්‍රීඩා ඇතුළුව විශේෂ ළමා සැනකෙළි කලාපයක් ඉදි කර ඇති අතර මෙම සැණකෙළිය වර්ණවත් කිරීම සඳහා මල්වෙඩි සංදර්ශන, ගිණිකෙළි සංදර්ශන, දැවැන්ත සංගීත සංදර්ශනය ඇතුළුව සංස්තෘතිකාංග රැසක් සංවිධානය කර ඇති බවයි නිවේදනයක් නිතුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ.

එමෙන්ම මෙම සැණකෙළිය තුළින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කර දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගැනීම තවත් අරමුණක් වනවා.

වැඩි විස්තර පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර...


Gallery