ලංකාව ගැන හදිසියේම එළියට ආ ආන්දෝලනාත්මක වාර්ථාව

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Oct 02, 2022 12:40 PM GMT
Report

ලොව උග්‍ර කුසගින්නේ පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාව ද ඇතුළත් කර තිබේ. ලෝක ආහාර වැඩසටහනේ වාර්තාවක් උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකාව ද බරපතළ ආහාර අර්බුදයකින් පෙළෙන බවය. 

 ලෝක ආහාර වැඩසටහන මගින් පසුගිය ජුනි මාසයේ දී පළමුවරට උග්‍ර කුසගින්නෙන් පෙළෙන රටවල් අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කරනු ලැබීය.

ඒ අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ නව වාර්තාව මගින් ද ශ්‍රී ලංකාව එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර අදාළ වාර්තාව උපුටා දක්වමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද පෙන්වාදෙන්නේ මේ වසරේ ඔක්තොම්බර් මාසයේ සිට ලබන වසරේ ජනවාරි මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 19ක ආහාර ආනාරක්ෂිතභාවය තවදුරටත් පිරිහෙනු ඇති බවය.

උග්‍ර ආහාර අනාරක්ෂිතතාව සහිත රටවල් අතර ඇෆ්ගනිස්තානය, ඉතියෝපියාව, නයිජිරීයාව, දකුණු සුඩානය, සෝමාලියාව සහ යේමනය නම් කර ඇති අතර ශ්‍රී ලංකාව ද එම අවදානමට ළංවෙමින් පවතින බව සඳහන් කර තිබේ. රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීම දේශගුණික විපර්යාස, කලාපීය ගැටුම් සහ වසංගත තත්වයන් එම ආහාර අර්බුදයට හේතු වී ඇති බව ජාත්‍යන්තර මුද්‍ය අරමුදල පෙන්වාදෙයි.


        සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now