ආහාර තොග රැස් කිරීම වැළැක්වීම සඳහා අගමැති කරන්න යන දේ - ණය ලබාදීම සම්බන්ධයෙනුත් විශේෂ උපදෙස්..

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Jun 15, 2022 09:55 AM GMT
Report

සහල් මෝල් හිමියන් විසින් මුහුණ දෙන මූල්‍ය ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (15)  සාකච්ඡාවක් පැවැත්වුනා.

එහිද,ඉදිරියේ දී ආහාර තොග රැස්කර තබා ගැනීම වැලැක්වීම සඳහා සහල් මෝල් හිමියන් සහ මහා පරිමාණ වී ගබඩා හිමිකරුවන් පාලනය වන පරිදි රජය නව නීති සම්පාදනය කරන බව ද අග්‍රාමාත්‍ය වරයා ප්‍රකාශ කලා.

තව ද, ණය ලබා දීමේ දී රජයේ මූල්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව ණය ලබා දීමට කටයුතු කරන ලෙස ද රාජ්‍ය බැංකුවලට අගමැතිවරයා දැනුම් දුන්නා.

එමෙන් ම, ණය ලබා දීමේ ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන ලෙස ද මහ බැංකුවට සහ භාණ්ඩාගාර නිලධාරීන්ට අගමැතිවරයා උපදෙස් දුන්නා.

මෙම සාකච්ඡාවට රාජ්‍ය සහ වාණිජ බැංකු නියෝජිතයින්, මහ බැංකුවේ සහ මහා භාණ්ඩාගාරයේ නිලධාරීන් සහභාගි විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now