සහල් මිල යළිත් වැඩි වෙයිද ..? "..මිල තීරණය කරන්නේ අපි..ඒක වෙන කාටවත් කරන්න බෑ.." ඩඩ්ලි කියූ සහල් මිලට ගොවි සංගමයෙන් පිළිතුරු
රජයේ පාලන මිලට සහල් වෙළෙඳපොළට නිකුත් කරන ලෙස සහල් මෝල් හිමියන්ගෙන් අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පසුගියදා කළ ඉල්ලීමට ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානය සිය විරෝධය පළ කරයි.
ඔවුන් පවසන්නේ, එවැනි මිලකට සහල් නිකුත් කිරීම තුළින් ගොවින්ට සිය වී අස්වනු සඳහා නිසි වටිනාකමක් නොලැබී යන බවය. ඒ සමබ්න්ධයෙන් අදහස් දැක්වූ ජාතික ඒකාබද්ධ ගොවි සංවිධානයේ ජාතික සංවිධායක ධම්මික ප්‍රියන්ත මහතා,
"පසුගිය දවස්වල ඩඩ්ලි සිරිසේන මහත්තයා ඇවිල්ලා ගොවියාගේ අස්වැන්න ඉතා අඩු මුදලකට කූඨ විදිහට ගන්න තමයි මේ සැලසුම් කරන්නේ. මේ වෙනකොට මැදිරිගිරිය පසේ තියෙන වී ඉතාමත් ලස්සනයි. දිරුණු ඇට තියෙන්නේ. ලංකාවේ හැමතැනම ටිකෙන් ටික ගොයම් කැපෙන්න පටන්න ගත්තා විතරයි. ගොයම් කපන්න පටන් ගන්නකොටම ඩඩ්ලි සිරිසේන මහත්තයාට මතක් වෙන්නේ පාරිභෝගිකයෝ ගැන.
ඒ හින්දා අපි කියනවා වී කිලෝ එකක් 160ක් 165ක්වත් වෙන්න ඕනේ. වී මිටියක් රුපියල් 10,000 උඩ යන්න ඕනේ. එහෙම නැත්නම් ගොවියන්නේ ජන ජීවිතය කරගෙන යන්න වෙන්නේ නැහැ. වී නිෂ්පාදනය කරන්නේ අපි නම් අපි තමයි මිල තීරණය කරන්න ඕනෙ. ඒක ඩඩ්ලි සිරිසේනටවත් වෙනකාටවත් දෙන්න බැහැ. වීවලට නිසි මිලක් ලැබුණේ නැතිනම් නැවත වරක් අපි ගොවියෝ පාරට බැහැලා දැවැන්න අරගලයක් කරනවා."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |