"මේ දේ නම් කොහොමත් බැ.." - පොලීසියෙන් එකවරම තහනමක් පනවයි..
යාපනයේ තරුණයින් විසින් සරුංගල් වල ආධාරයෙන් අහසේ පියාසර කිරීමට උත්සාහ කිරීමේ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වේ.
ඒ අනුව ඊයේ (18) දින සිට යාපනය පොලිසිය විසින් එය තහනම් කර ඇති බව සඳහන් වේ.
මේ දිනවල සරුංගල්වල කඹවල එල්ලි ඉහළ අහසට යාම ජනප්‍රිය සිදුවීමක් බවට පත් වී ඇත.
ඒ අනුව සෙල්ෆි ඡායාරූප ගැනීමට හා තමන්ගේ වීරත්වය පෙන්වීමට යාපනයේ තරුණයින් පිරිසක් උත්සාහ කර තිබෙනවා.
සිවිල් ඇඳුමින් සැරසී තිදරු පියෙක් සදහටම අවසන් ගමන් යැවූ පොලිස් නිළධාරියා ගැන දුන් අධිකරණ නියෝගය.. වීඩියෝ දර්ශන සහිතයි.. (VIDEO)
පොලිසිය විසින් මෙම තහනම පනවා ඇත්තේ මෙවැනි සිදුවීම් නිසා වියහැකි අනතුරුදායක තත්ත්වයන් අවම කර ගැනීම සඳහා ය.
පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ යාපනය, තොණ්ඩමානාරු ප්‍රදේශයේ තරුණයෙකු සරුංගලයක කඹයේ එල්ලී අඩි 80ක් පමණ ඉහළ අහසට ගොස් සිය දස්කම් පෙන්වන විඩියෝවක් හුවමාරු විය.
ඉන් පසුව පොලිසිය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, මෙම තහනම නොසලකා හැර සරුංගල්වල කඹවල එල්ලී අහසට යාමට උත්සහ කරන තරුණයින් අනතුරු වළක්වා ගැනීමට කටයුතු නොකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා බව යාපනය පොලිසිය සඳහන් කළේ ය.
Sponsored By Sarrita Jewellery