ෆ්ලෝරයිඩ් අඩංගු ජලය සහ දන්තාලේප භාවිතා කරන්නේ පරිස්සමෙන්.

By Wayomi Jul 12, 2022 05:39 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

දත් මදින්න ඉස්සර ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගත්තට දැන් නම් දත්බෙහෙත් එකක් නැතුවම බැහැ නේද? සාමාන්‍යයෙන් කියන්නේ දන්ත සෞඛ්‍ය රැක ගන්න නම් දවසට දෙවරක් දත් මදින්න ඕන. ඒ වගේම ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා කරන්න කියලනේ. ඒත් ඔබ දන්නවාද අපි දිනපතා දෙවතාවක් හෝ අඩුම තරමින් එක් වතාවක් හෝ භාවිතා කරන දන්තාලේප භාවිතයෙන් ඉතා ප්‍රවේශම් විය යුතු බව.

👉 මොකද දත් සහ අස්ථි වල නිරෝගී නිරෝගීභාවය උදෙසා වැදගත් මෙහෙයක් ඉටු කළ ද ෆ්ලෝරයිඩ් අධික ලෙස ශරීරගත වීමෙන් දත් සහ අස්ථි පමණක් නොව මොළයේ වර්ධනයටත් හානිකර ලෙස බලපාන බවට තහවුරු වී තිබෙනවා.

👉 විශේෂයෙන්ම කුඩා දරුවන් වෙනුවෙන් ඇති දන්තාලේප රසවත් බව සුවඳවත් බව මෙන්ම ඒවාට කවා ඇති සිත්ගන්නාසුලු පැහැයෙන් නිසා ඒවා ගිල දමන අවස්ථා ද තියෙනවා. එය ඉතාම හානිකර නිසා වැඩිහිටියන් විදිහ එවැනි අවස්ථාවන් වලදී දරුවන්ව වළක්වා ගත යුතුයි.

👉 ඒ වගේම තමයි සමහර පළාත් වල ජලයේ ස්වභාවයෙන්ම ෆ්ලෝරයිඩ් අධික ලෙස අඩංගු වෙනවා. ඉතින් එම පළාත්වල වෙසෙන අය ෆ්ලෝරයිඩ් ඉවත් නොකල එනම් filter නොකල ජලය පානය කිරීම අනතුරුදායකයි.

👉 ඒ නිසා කිවුල් ජලය පානය කරන්නට ඔබට සිදු වෙනවා නම් එම ජලයත් filter කර පානය කරන්න. ජලය උණු කිරීමෙන් එම ජලයේ ඇති විෂබීජ නාශක විනාශ වුවත් ෆ්ලෝරයිඩ් ඉවත් නොවන බවත් මතක තබා ගන්න. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW