පිටි මිල යළිත් ඉහළට..?

Food Shortages Sri Lanka Sri Lanka Food Crisis
By Sewvandhi Sep 29, 2022 03:07 AM GMT
Report

ඉදිරියේ දී තිරිඟු පිටි මිල තවදුරටත් ඉහළ යා හැකි බව ආපනශාලා හිමියන් පවසනවා. මේ වන විට වෙළඳපොළේ පිටි හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් තවදුරටත් පිටි මිල ඉහළ යා හැකි බවට යි ඔවුන් පෙන්වා දෙන්නේ.

දැනට වෙළඳපොළේ පිටි කිලෝවක් රුපියල් 410ත් 420ත් අතර මිලකට අලෙවි වනවා. පිටි මිල ඉහළ යෑමත් සමඟ ඇතැම් ආපනශාලා වසා දමා ඇති බවට යි වාර්තා වන්නේ.

එමෙන්ම, බේකරි නිෂ්පාදන ආයතනද දෙදහසකට වැඩි ප්‍රමාණයක් පිටි හිඟය සහ පිටි මිල ඉහළ යෑම හේතුවෙන් වසා දමා තිබෙනවා.

මේ අතර, අනුරාධපුර ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්දික අරුණ කුමාර අනුරාධපුරයේ ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ, පිටි සඳහා පාලන මිලක් පැනවීමක් සිදු නො කළ හොත් ජනතාව මෙන්ම තමන් ද දැඩි අපහසුතාවයට පත්වන බව යි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now