ඇම්බර් වර්ණයෙන් යුත් හදිසි අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කෙරේ..!
Climate Change
TN Weather
Landslide In Sri Lanka
Weather
Floods In Sri Lanka
By Sewvandhi
ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.
කුඩා ගඟේ පෝෂක ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බවයි, අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ඒ අනුව ඉදිරි පැය 3ත් 24ත් අතර කාලය තුළදී බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර ආශ්‍රිත පහත්බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.
මේ හේතුවෙන් කුඩා ගඟ අවට පහත් බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි අවදානමක් පවතී.
එම තත්ත්වය සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලකින් කටයුතු කරන ලෙසට එම ප්‍රදේශවල පදිංචි ජනතාවගෙන් සහ රථවාහන පදවන්නන්ගෙන් ඉල්ලා සිටී.