අද සිට 18 වැනිදා දක්වා දම්මාම් ගුවන් ගමන් නවතයි

SriLankan Airlines Saudi Arabia Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 12, 2026 09:23 AM GMT
Report

සෞදි අරාබියේ දම්මාම් වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව, අද (12) සිට ලබන 18 වැනිදා දක්වා කටුනායක සහ සෞදි අරාබියේ දම්මාම් අතර ක්‍රියාත්මක වන ශ්‍රී ලන්කන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන බව එම සමාගම නිවේදනය කර ඇත.

සෞදි අරාබියේ මෑතකාලීන ආරක්ෂක සිදුවීම් සහ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව අදාළ නිවේදනයේ සඳහන් වේ.

පවතින තත්ත්වය වාණිජ ගුවන් ගමන් සඳහා ආරක්ෂිත සහ සුදුසු බවට තහවුරු වූ වහාම දම්මාම් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බව ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඒ අනුව, අදාළ කාලසීමාව තුළ දම්මාම් බලා යාමට හෝ එහි සිට ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති මගීන් ගුවන් ගමන් සම්බන්ධ නවතම තොරතුරු සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නිල නිවේදන පරීක්ෂා කිරීම වැදගත් වේ.