කෑම රස කරන රසකාරක 5ක් ගෙදරදීම හදාගන්න.
කඩේ තියෙන ගොඩක් රසකාරක වලට ස්වාභවික අමුද්‍රව්‍ය වලට අමතරව එකතු කරන දේවල් තියෙනවා. ඒ නිසා ඔබට පුළුවන් ගෙදරදීම මේ විදිහට රසකාරක මිශ්‍රණ හදාගන්න.
මස්කරි කුඩු
අවශ්‍ය ද්‍රව්‍ය
? කොත්තමල්ලි කෝප්ප 1
? කරාඹුනැටි 10 පමණ
? එනසාල් ඇට 8 පමණ
? ස්ටාර් ඇනීස් 3-4
? සූදුරු කෝප්ප 1/2
? කරපිංචා ස්වල්පයක්
? ගම්මිරිස් ඇට මේසහැඳි 1
? කුරුදු කෑල්ලක්
සාදාගන්න ආකාරය
? මේ සියල්ලම හොඳට සෝදලා කබලෙ දාලා හොඳට බැදගන්න.
? ඊළඟට හොඳට ග්‍රයින්ඩ් කරගන්න.
ජැෆ්නා කරි පව්ඩර්
අවශ්‍ය ද්‍රව්‍ය
? කොත්තමල්ලි කෝප්ප 1/4
? නැටි ඉවත්කළ වියළි මිරිස් කරල් 30 පමණ
? සූදුරු තේහැඳි 1
? ගම්මිරිස් තේහැඳි 1
? එනසාල් ඇට 3-4
? මාදුරු තේහැඳි 1
? උළුහාල් තේහැඳි 1/2
? කඩල පරිප්පු තේහැඳි 1
? හාල් තේහැඳි 1
? කරාඹුනැටි 2-3
? කහකුඩු තේහැඳි 1/2
? කුරුදුපොතු කෑල්ලක්
? කරපිංචා කොළ ටිකක්
සාදාගන්න ආකාරය
? මේ සියල්ලම සෝදලා හොඳට වේලගන්න.
? කබලෙ බැදගන්න. අඩු ගින්දරේ ලාවට තමා බැදගන්න ඕනේ.
?හොඳට වහලා බෝතල්කරගන්න.
බිරියානි මසාලා පව්ඩර්
අවශ්‍ය ද්‍රව්‍ය
? සූදුරු ග්‍රෑම් 50
? උළුහාල් ග්‍රෑම් 50
? උඳු ඇට ග්‍රෑම් 50
? මයිසූර් පරිප්පු ග්‍රෑම් 50
? කඩල පරිප්පු ග්‍රෑම් 50
? කැකුළු හාල් ග්‍රෑම් 50
? ගම්මිරිස් ඇට ග්‍රෑම් 50
? කුරුදුපොතු කෑල්ලක්
? එනසාල් ඇට 5
? කරාඹුනැටි 7-8
? කහකුඩු තේහැඳි 1/4
? පොඩි ඉඟුරු කෑල්ලක්
? සුදුළූණු බික් 4
? රම්පෙ කෑල්ලක්
? කරපිංචා ස්වල්පයක්
සාදාගන්න ආකාරය
? මේ ඔක්කොම හොඳට සෝදලා වේලගන්න.
? ඊළඟට මේ ටික වෙන වෙනම කබලෙ බැදගන්න.
? හොඳට ග්‍රයින්ඩ් කරලා බෝතල් කරගන්න.
සාම්බාර් කුඩු මිශ්‍රණය
අවශ්‍ය ද්‍රව්‍ය
? නැටි ඉවත් කළ වියළි මිරිස් කරල් 15 පමණ
? සූදුරු තේහැඳි 1/2
? අබ තේහැඳි 1/2
? උළුහාල් තේහැඳි 1/2
? කොත්තමල්ලි කෝප්ප 1/2
? ගම්මිරිස් ඇට තේහැඳි 1
? තෝර පරිප්පු මේසහැඳි 1
? කඩල පරිප්පු මේසහැඳි 1
? තෙල් මේසහැඳි 1
? කරපිංචා ස්වල්පයක්
සාදාගන්න ආකාරය
? මේ සියල්ලම සෝදලා වේලගන්න.
? දැන් පෑන් එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාලා මිරිස් කරල් ටික දාලා විනාඩියක් වගේ බැදගන්න.
? දැන් මේ ටික අයින් කරලා කොත්තමල්ලි ටික දාලා බැදගන්න.
? මේවගේ අනික් ඒවත් වෙන වෙනම බැදලා නිවෙන්න තියලා කුඩු කරගන්න.
ගරම් මසාලා කුඩු
අවශ්‍ය ද්‍රව්‍ය
? සූදුරු තේහැඳි 1
? මාදුරු තේහැඳි 1
? කරාඹුනැටි 3
? කරදමුංගු 3
? ස්ටාර් ඇනීස් 1
? කොත්තමල්ලි මේසහැඳි 1
සාදාගන්න ආකාරය
? මේ ටික සෝදලා හොඳට වේලගන්න.
? ඊළඟට කබලෙ බැදල කුඩු කරලා බෝතල් වල අසුරගන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |