අඩු මිලට මාළු ගන්න පුළුවන් අලුත් ජාලයක්..

Business Mobile Sri Lanka
By Aruna Mar 15, 2023 02:59 AM GMT
Report

මෑත කාලීනව කිහිප ගුණයකින් ඉහළ ගිය ධීවර ආම්පන්න මිල ගණන් ඉදිරි මාස කිහිපය තුළ යම් පමණකින් හෝ පහළ වැටෙනු ඇතැයි ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පවසනවා.

පාරිභෝගිකයා වෙත ඉහළ සේවාවක් ලබාදීමේ අරමුණින්, ලංකා ධීවර සංස්ථාව දිවයින පුරා ස්ථාපිත කරමින් සිටින මෙගා ස්ටෝස් (Mega Store) නවීන වෙළඳසැල් ජාලයේ නවතම ශාඛාව 2023 මාර්තු මස 13 වන දින මාතර දී විවෘත කරමින් ධීවර රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

“ආම්පන්න මිල නිසා ධීවරයන් පීඩාවට පත්වී සිටින බව අපි දන්නවා. ධීවර ආම්පන්න මිල ගණන් තීරණය කරන්නේ ආනයන සමාගම්.

කොහොම නමුත් දැන්, රුපියල ශක්තිමත් වීමත් සමඟ ධීවර ආම්පන්න ආනයනයේ දී අත්වන වාසිය, සෘජුව ධීවර ප්‍රජාව වෙත ලැබිය යුතුයි.

අපි ධීවර අමාත්‍යංශය විදිහට මේකට මැදිහත් වෙනවා. ධීවර ආම්පන්න මිලේ යම් අඩුවක් ඉදිරියේ දී සිද්ධ වේවි ” ලංකා ධීවර සංස්ථාව විසින් ස්ථාපිත කරන ලද මෙගා ස්ටෝස් (Mega Store) නවීන වෙළඳසැල් ජාලයේ පිළිබඳව ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා අදහස් දැක්වූයේ ය.

මාතර ස්ථාපිත කරන ලද මෙගා ස්ටෝස් අලෙවිසැල හරහා පරිභෝජනයට සුදුසු ගුණාත්මක පෝෂදායි මත්ස්‍ය වර්ගවලට අමතරව කරවල, උම්බලකඩ ඇතුළු තවත් මත්ස්‍ය නිශ්පාදන ද මිලදී ගැනීමට ලංකා ධීවර සංස්ථාව පාරිභෝගිකයනට අවකාශ උදාකර දී තිබේ.

රටේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලමින් අර්බුද සමයේ ජනතාවට අඩු මිලට මත්ස්‍ය නිශ්පාදන සැපයීම මෙම වෙළඳසැල් ජාලය ආරම්භ කිරීමේ අරමුණයි.

ඉදිරියේදී තවත් මෙවන් වෙළඳසැල් රැසක් රට පුරා ප්‍රධාන නගර වල විවෘත කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මාතර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු සභාපති නිපුණ රනවක මහතා, හිටපු ගරු පලාත් සභා මන්ත්‍රී දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති අනුර ගුණරත්න මහතා, මාතර ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති විමල් ප්‍රියජනක මහතා ඇතුළු ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය ලංකා ධීවර සංස්ථාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා ඇතුළු නිලධාරීන් එක්ව සිටීයහ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.