අහස උසට ගිය මාළු මිල එකවරම විශාල ප්‍රමාණයකින් පහල බසී..නව මිල ගණන් මෙන්න..
Sri Lanka
Sri Lanka Fisherman
Businessman
By Aruna
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ තොග මිල සියයට 50කින් පහල බැස ඇති බව, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳපොළේ ලේකම් ජයන්ත කුරේ පැවැසීය.
ඒ අනුව,
බලයා කිලෝව රු. 600ක්,
කෙලවල්ලා කිලෝව රු. 1000ක්,
පරා කිලෝව රු. 1500ක්,
සාලයා කිලෝව රු. 350ක්,
හුරුල්ලා කිලෝව රු. 750ක්,
ලින්නා කිලෝව රු. 600ක්
ආදී ලෙස අළෙවි වේ.
මත්ස්‍ය අස්වැන්න ඉහළ යාමත් සමග මෙලෙස මිල පහළ බැස ඇති බවත් මෙම මිල ගණන් ලබන නොවැම්බර් මස අග වන තුරු පවතින බවත් ලේකම්වරයා සඳහන් කළේය.
තෝරා, කොප්පරා හා තලපත් මිල වෙනසක් නොමැති බවත් ඒවා කිලෝව රුපියල් 2500ත් 2800ත් අතර මිල ගණන් යටතේ අලෙවි වන බවත් හෙතෙම පැවැසීය.
ඉදිරියේදී මෙම මත්ස්‍ය වර්ගවල මිල ද පහල බසිනු ඇති බව ඔහු කීවේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |