රස මාළු ඩෙවල් Recipe එකක්.
Sri lanka Food Recipes
By Wayomi
හැමදාම එකම විදිහට curry හදන්නේ නැතිව අද වෙනස්ම රසයකින් මාළු ඩෙවල් එකක් දාලා බලන්න.
අවශ්‍ය ද්‍රව්‍ය
? පෙති කපාගත් මාළු 250gක්
? කපගත් මාළු මිරිස් කරල් 2 ක්
? තක්කාලි ගෙඩි 2ක්
? පෙති කපාගත් ළූණු ගෙඩි 2ක්
? කෑලි මිරිස් තේ හැඳි 1ක්
? ගම්මිරිස් කුඩු තේ හැඳි 1ක්
? තක්කාලි සෝස් ටිකක්
? ලුණු කුඩු
? කහ කුඩු තේ හැඳි 1/2ක්
? දෙහි යුෂ ටිකක්
සාදාගන්න ආකාරය
? පෙති කපාගත් මාළු වලට කහ, ලුණු, දෙහි යුෂ දාලා අතගාලා ටික වේලාවක් තියන්න.
? ඊට පස්සේ හොඳින් බැදගන්න.
? පසුව ලොකු භාජනයකට තෙල් ටිකක් දාලා රත් කරගන්න.
? රත් වී ගෙන එද්දී කපාගත් ළූණු, මාළු මිරිස් දාලා තෙම්පරාදු වී ගෙන එද්දි තක්කාලි ටික එකතු කරන්න.
? ඒකට කෑලි මිරිස්, ගම්මිරිස් කුඩු එක් කරන්න.
? තක්කාලි සෝස් ඒකට එක් කර අවසානයේ බැදගත් මාළු ටික එක් කරන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |