ලොව පුරා දැඩි ඉල්ලුමකට සැපයුමක්. - ලොව ප්‍රථමවරට ලංකවේ ස්වාභාවික වර්ණක නිපදවයි. - (VIDEO)

Nano Sri Lanka
By Wayomi Feb 01, 2024 11:46 AM GMT
Report

ලෝකයේ දැඩි ඉල්ලුමක් පවතින ස්වාභාවික වර්ණක භාවිතයට කදිම විසඳුමක් ලබාදීමට මෙරට විද්‍යාඥයින් පිරිසක් සමත් වී තිබෙනවා.

ඒ, ලොව ප්‍රථම වරට ඉවතලන තැඹිලි කෝම්බ ආශ්‍රයෙන් ඇඟලුම් සඳහා යොදාගත හැකි ස්වාභාවික වර්ණක නිපදවමින්.

වසරකට ලෝකය පුරා ඇඟලුම් වර්ණ ගැන්වීම සඳහා කෘත්‍රිම වර්ණක ටොන් ලක්ෂ 2කට අධික ප්‍රමාණයක් භාවිතයට ගැනෙන අතර ජලයට එක්වීමෙන් සහ හිරු කිරණට නිරාවරණය වීමෙන් එම වර්ණක පරිසරයට එල්ල වන්නේ දැඩි බලපෑමක්.

මේ ගැටලුවට යුරෝපය ඇතුළු බටහිර රටවල් ලෝකයෙන් විසඳුමක් ඉල්ලා ඇති අතර මෙරට ඇති පාරිසරික ගැටලුවකට මනා විසඳුමක් ගෙන දෙමින් ජාත්‍යන්තරයට අවශ්‍යව ඇති ඉල්ලුමක් සැපයීමට ජ්‍යේෂ්ඨ විද්‍යාඥයින් 14කින් සහ පර්යේෂණ විද්‍යාඥයින් 80 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය කළ මේ සොයාගැනීම ශ්‍රී ලංකා නාමය ඉහළට ගෙන් යෑමක්.   


                                                                                            Sponsored By Sarrita Jewellery

ලොව පුරා දැඩි ඉල්ලුමකට සැපයුමක්. - ලොව ප්‍රථමවරට ලංකවේ ස්වාභාවික වර්ණක නිපදවයි. - (VIDEO) | First Time Natural Dyes Are Produced In Sri Lanka