InSight අඟහරු ලෑන්ඩරයට හසුකරගත් උල්කා ගැටුම් කම්පන. (VIDEO)
රතු ග්‍රහයා මත නිරීක්ෂණ කටයුතු සිදුකරන NASA ආයතනයේ InSight අඟහරු ලෑන්ඩරය අඟහරු පෘශ්ඨය මත පතිතවන උල්කාෂ්ම මගින් ඇති කෙරෙන දුර්වල කම්පන තරංග ග්‍රහණය කරගන්නට සමත් වී තිබෙනවා. පර්යේෂකයන් මේ බව තහවුරු කරගත්තේ InSight ලෑන්ඩරයෙන් සහ අඟහරු වටා කක්ෂගත ව පවතින Mars Reconnaissance Orbiter චන්ද්‍රිකාවෙන් ලබාගත් දත්ත හා තොරතුරු සමීප ව අධ්‍යයනය කිරීමෙන් අනතුරුවයි.
? එම හඳුනාගත් ඝට්ටන හතර පිළිවෙළින් 2020 මාර්තු 27, 2021 පෙබරවාරි 18, 2021 අගෝස්තු 31 සහ 2021 සැප්තැම්බර් 05 යන දිනවල දී සිදු ව තිබෙනවා. අදාළ ඝට්ටනයන් සිදු ව තිබෙන්නේ InSight ලෑන්ඩරයේ සිට කිලෝමීටර 300ක වපසරිය තුළයි.
? විශාල ග්‍රහකයක් හො ග්‍රහක කැබැල්ලක් කිසියම් ග්‍රහලෝකයක වායුගෝලයට ඇතුළු වීමේ දී පුපුරා යන්නට ඉඩ තිබෙනවා. ඒ එහි ඇති කුහර හා පැලුම් අතරින් වේගයෙන් ඇතුළුවන වාතය නිසා ඇති වන පීඩනය දරාගත නොහැකි වූ අවස්ථා වලදීයි.
? එවැනි අවස්ථා වලදී කම්පන තරංග හටගන්නවා. InSight ලෑන්ඩරයට මෙවැනි කම්පන තරංගන් ග්‍රහණය කරගත හැකි වේ යැයි උපකල්පනය කෙරුණේ එම මෙහෙයුම දියත් කිරීමටත් පෙර සැලසුම් අදියරේ පසුවන විටදීයි.
? පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී, තාරකා භෞතික විද්‍යාඥ රෆායෙල් ගාශියා පවසන්නේ, වෙනත් ලොවක් මත භූ කම්පන තරංගයක් හා ධ්වනික තරංගයක් එකිනෙක පෑහෙන අවස්ථාවක් හමු වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.
? මේ අතිශය සුළු භූ කම්පන තත්ත්වයන් සැලකිල්ලට ගත් පර්යේෂණ කණ්ඩායම උල්කාපාත කඩාවැටීම් සිදු වූ ස්ථානය සොයා ගණනය කිරීම්වල නිරත වුණා. NASA ආයතනයේ Mars Reconnaissance Orbiter චන්ද්‍රිකාව විසින් ලබාදෙනු ලැබූ නවතම ඡායාරූප අධ්‍යයනය කිරිම මගින් මේ ඝට්ටනයන් සිදු වූ ස්ථාන නිවැරදි වම සනාථ කරගන්නට ඔවුන් සමත් ව තිබෙනවා.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |