ලංකාවේ ඩිජිටල් පෙරළිය ඇරඹෙයි - ප්‍රථම ඩිජිටල් හැඳුනුම්පත ළඟදීම එළියට

Latest Headlines Sinhala news Puwath.lk DIGITAL NIC
By R.rishma Aug 18, 2026 08:29 AM GMT
Report

දැනට නිකුත් කර ඇති සියලුම ජාතික හැඳුනුම්පත් වෙනුවට ඉදිරි වසර කිහිපය තුළ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

ඩිජිටල්කරණ ක්‍රියාවලියේ මූලික පියවරක් ලෙස මෙම වසරේ ඉදිරි මාස කිහිපය තුළ පළමු ඩිජිටල් ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

සම්පූර්ණ ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය ලබන වසරේ අගෝස්තු මාසය පමණ වන විට ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද ඔහු පවසා ඇත.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එතැන් සිට වසර දෙකක පමණ කාලයක් ඇතුළත රටේ සිටින මිලියන 17කට ආසන්න පිරිසම පැරණි ජාතික හැඳුනුම්පත් වෙනුවට ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතියට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවයි.