වියට්නාමයේ ධාවනය වූ බස් රථයක හදිසි ගින්නක් - 7 දෙනෙකු ජීවිතක්ෂයට
Accident
Vietnam
Death
Latest Headlines
Sinhala news
By R.rishma
දකුණු වියට්නාමයේ අද (21) අලුයම ධාවනය වෙමින් තිබූ මගී බස් රථයක හදිසියේ ගින්නක් හටගෙන පුද්ගලයින් හත් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අනතුරට ලක්වූයේ ‘ලෑම් ඩොං’ (Lam Dong) ප්‍රාන්තයේ සිට ‘හෝ චි මිං’ (Ho Chi Minh) නගරය බලා ධාවනය වෙමින් තිබූ ආසන 24ක බස් රථයකි.
වියට්නාම පොලීසිය සඳහන් කළේ ගින්න ඉතා වේගයෙන් බස් රථය පුරා පැතිර යාම හේතුවෙන් මගීන් කිහිපදෙනෙකුට බස් රථයෙන් පිටතට පැමිණීමට නොහැකි වී ඇති බවයි.
මෙම අනතුරින් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ සම්බන්ධයෙන් වියට්නාම පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.