කර්මාන්තශාලාවක ගින්නක් - 08ක් රෝහල්ගත කරයි.

Sri Lanka Fire
By krishani Jul 29, 2023 01:41 AM GMT
Report

ඊයේ (28) සවස අවිස්සාවේල්ල - සීතාවක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටි රබර් අත්වැසුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්නෙන් එයට දැඩි ලෙස හානි සිදුව ඇති බව වාර්තා වෙනවා.

එහි ඇති වු දුම ආඝ්‍රාණය විමෙන් එහි සිටි සේවක සේවිකාවන් 08 දෙනෙකු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය.