කර්මාන්තශාලාවක එකවරම ගින්නක් ඇවිලී යයි - එහි නවතම තත්ත්වය..

Ampara Fire
By krishani Nov 10, 2023 02:12 AM GMT
Report

අම්පාර නවගම්පුර කර්මාන්තපුර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් ඇති වී තිබෙනවා.

එම ගින්න අම්පාර පොලිස් ස්ථානයේ නිලධාරීන්, අම්පාර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන්, ගුවන් හමුදා නිලධාරින් හා අපරාධ කළමණාකරණ ඒකකය එක්ව සම්පුර්ණයෙන්ම නිවා දමා තිබෙනවා.

මෙම සිදු වූ ගින්නෙන් තුවාල හෝ ජීවිත හානි කිසිවක් සිදුව නොමැත.

නමුත් දේපල හානි පමණක් වාර්තා වී ඇති අතර යකඩ පෑස්සුම් කටයුත්තක දී විසි වූ ගිනි පුපුරු හේතුවෙන් ගින්න හටගෙන ඇති බව මූලික විමර්ශනවල හෙළී වී තිබෙනවා.

කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් අම්පාර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.