දිස්ත්‍රික් ලේකම් කාර්යාලයක එකවරම ගින්නක්..වහාම සේවකයින් සහ නිලධාරීන් ඉවත් කරයි..

Government Of Sri Lanka Fire Accident
By Aruna Jul 24, 2024 05:55 AM GMT
Report

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති බව කළුතර දකුණ පොලීසිය පවසනවා.

මහල් හයකින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ ස්ථානයෙන් ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

වාර්තා වන අන්දමට කළුතර මහ නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගනිමින් මේ වනවිට ගින්න පාලනය කරමින් සිටියි.

අද මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට විශේෂ වෙයි..හැමෝම මේ වෙලාවට අහස බලන්න.

අද මධ්‍යම රාත්‍රියේ ශ්‍රී ලංකාවට විශේෂ වෙයි..හැමෝම මේ වෙලාවට අහස බලන්න.


මේ හේතුවෙන් වහාම ගොඩනැගිල්ලේ සිටි නිලධාරින් සහ සේවකයින් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගින්න විදුලි කාන්දුවක් නිසා හටගෙන ඇති බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර ,බිම් මහලින් හටගත් ගින්න මේ වන විට පාලනය කිරීමට කළුතර නගර සභාවේ ගිනි ඒකකය සමත් වී තිබේ.

ගින්න පාලනය කිරීම සඳහා ගිය ගිනිනිවන හමුදා භටයෙකු හුස්ම හිරවීම හේතුවෙන් මේ වනවිට රෝහල් ගතකර ඇති බව ද පැවසේ.