උපන්දින සාදය අතරේ පිරිසක් පැමිණ ගිනි තබයි..21 හැවිරිදි තරුණියක් මරුට..
නාඳුනන පිරිසක් විසින් උපන්දින සාදයක් පැවැත්වෙමින් තිබූ නිවසකට ගිනි තැබීමෙන් එහි සිටි තරුණියක් මියගොස් තවත් පුද්ගලයන් 09 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙන පුවතක් වාර්තා වනවා.
අද (23) අලුයම වවුනියාව, තෝනික්කල් ප්‍රදේශයේදී අදාළ සිද්ධිය වාර්තා වූ බවයි පොලීසිය පවසන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ, 21 හැවිරිදි ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
පොලීසිය පවසන්නේ, ගින්නෙන් තුවාල ලැබූ පිරිස අතර තෝනික්කල් ප්‍රදේශයේ පදිංචි වයස අවුරදු 02ක කුඩා පිරිමි දරුවෙකු, අවුරුදු 07ක හා අවුරුදු 13ක ගැහැණු දරුවන් දෙදෙනෙකු, වයස අවුරුදු 19ත් 41ත් අතර පසුවන කාන්තාවන් 04 දෙනෙකු, වයස අවුරුදු 42ක පිරිමි පුද්ගලයකු සිටින ඒකකය හා ප්‍රදේශවාසීන් සමඟ එක්ව ගින්න මැඩපත්වා ඇති බවයි සඳහන් වනනේ.
ගින්න හට ගන්නා අවස්ථාවේදී ඉහත නිවසේ උපන්දින සාදයක් පවත්වමින් තිබුණු බවට වාර්තා වේ.
මුහුණු ආවරණය කරගත් පිරිසක් පැමිණ නිවසට ගිනිතබා ඇති බවට CCTV දර්ශන මඟින් අනාවරණය කරගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.