බඳින්න බෑ කිව්වම තරුණයා ගිනි තියාගෙන පෙම්වතිය බදාගනී..පෙම්වතිය දැඩිසාත්කාරෙ..තරුණයා දුම්රියට බිළිවෙයි.
විවාහ ඇරයුම ප්‍රතික්ෂේප කළේ යැයි සිත් තැවුලට පත් තරුණයෙකු සිරුරට ගිනි තබාගෙන පෙම්වතිය වැළඳ ගැනීමට තැත් කළත් එය ව්‍යර්ථ වූ පසු ගිනි ජාලාව පිටින් දිව යද්දී වැල්ලවත්ත ප්‍රදේශයේදී රුහුණු කුමාරි දුම්රියේ ගැටී මියගොස් ඇතැයි මොරටුව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මස්කෙළිය රදර්ෆර්ඩ් වතුයායේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්.
ඔහු මොරටුව ප්‍රදේශයේ රැකියාවක නියුතුව සිටි බව පරීක්ෂණවලදී හෙළි වී ඇත.
කටුබැද්ද මංසන්ධියේ මෝටර් රථ අමතර කොටස් අලෙවිසලක සේවය කළ තරුණියකගේ පෙම්වතා ඇය සොයාගෙන පැමිණ විවාහ වීමට අවශ්‍ය යැයි පවසා ඇති අතර එය විහිළුවට ගත් තරුණිය ප්‍රතික්ෂේප කර ඇති බවත් පසුව ඔහු පෙම්වතිය ඉදිරියේ බෙහෙත් පෙති කිහිපයක් පානය කර ඇති බවත් පරීක්ෂණවලදී හෙළි වූ බව ද පොලිසිය කියයි.
පැය දෙකහමාරකට පමණ පසු එම පුද්ගලයා පෙම්වතිය සේවය කරන අලෙවිසලට නැවත පැමිණ මුදලාලිගෙන් අසා වැසිකිළියට ගොස් ඇත.
පසුව ගිනි ජාලාවක් සමග පිටතට පැමිණි ඔහු පෙම්වතිය වැළඳගෙන ඇත.
එම අවස්ථාවේදී තරුණිය පිළිස්සෙනවා දුටු මුදලාලි ඇය පසෙකට ඇද දමා තිබේ.
එහිදී පෙම්වතා එතැනින් පළා ගොස් ඇති අතර වැල්ලවත්ත ප්‍රදේශයේදී රුහුණු කුමාරි දුම්රියේ වැදී මියගොස් සිටියදී පසුදින පොලිසිය විසින් සොයාගෙන ඇත.
පිලිස්සුම් තුවාල ලැබූ තරුණිය කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඇය ද මස්කෙළිය ප්‍රදේශයේ ම පදිංචි 23 හැවිරිදි අයෙකි.
මොරටුව පොලිසියේ උපපොලිස් පරීක්ෂක නන්දන, පොලිස් සැරයන් නවරත්න (26099), පොලිස් කොස්තාපල්වරුන් වන ජයනාත් (20188), නිරෝෂන් (39760), ඩිලන්ක (7220), බණ්ඩාර (99628), කාන්තා පොලිස් කොස්තාපල් නිසංසලා (13167) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |