මුදල් ඇමති ජනපතිට කළ චෝදනාව මෙන්න

By Sithumi Apr 29, 2022 03:15 PM GMT
Report

මෙරට පවතින අර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට ගොඩ ඒමට නම් බදු ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොමැති බව මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි. ඒ මහතා මේ අදහස් දක්වනු ලැබුවේ බීබීසී පුවත් සේවය වෙත සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමත් සමග 2019 වසරේ දී වැට් බද්ද සියයට 8ක් දක්වා අඩු කිරීමට ගත් තීරණය අර්ථිකයට දරුණු බලපෑමක් එල්ල වූ බවයි. 

වර්තමානයේ පවතින වැට් බදු ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බවයි ඔහු පවසන්නේ. බදු ප්‍රතිශතය සියයට 13ත් 14ත් අතර දක්වා ඉහළ යායුතු බවයි එතුමාගේ මතය. අමෙරිකානු ඩොලර් බිලියන 4කට අධික මුදලක් ඉදිරි මාස 08 සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය වෙනුවෙන් අවශ්‍ය වන බවද මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කර තිබුණි.