ජනතාවට රජයෙන් අලුතින්ම මූල්‍ය පැකේජයක් දෙන්න යයි - ලැබෙන්නේ මෙහෙමයි..

Ranil Wickremesinghe Sri Lanka Economic Crisis Ministry of Finance Sri Lanka Financial crisis Latest Headlines
By Sewvandhi Jul 18, 2024 03:08 PM GMT
Report

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා ආයෝජන සහ කාරක ප‍්‍රාග්ධන යන පහසුකම් දෙවර්ගයෙන්ම සමන්විත මූල්‍ය පැකේජයක් හදුන්වාදී තිබේ.

අද (18) ජනාධිපති කාර්යාලයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මූල්‍ය පැකේජය හඳුන්වාදීම සිදුවු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

සහනදායී පොලී අනුපාතයක් යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු ඇතුළුව මූල්‍ය ආයතන 15ක් හරහා මෙම මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතය.

ව්‍යවසායන්ට සහාය ලබාදීම හා අක‍්‍රීය ණය කාණ්ඩය යටතේ ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සඳහා සහායවීම යන ප්‍රධාන කොටස් දෙකක් යටතේ මෙම ණය ලබාදීම සිදු කෙරෙනු ඇති.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ ආයෝජන ණය යටතේ වසර 10ක කාලසීමාවකට අදාළව සියයට 7ක සහන පොලී අනුපාතයකට, රුපියල් මිලියන 15ක උපරිම සීමාවකට යටත්ව ණය මුදල් සැපයෙන අතර ඒ සඳහා රුපියල් බිලියන 13ක් වෙන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

අදාළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ,

GalleryGallery