ඉදිරි මාස දෙකේ පොලී අනුපාත වල සිදුවන වෙනස ගැන ඉගියක්..!
Navin Dissanayake
Sri Lanka
Financial crisis
Businessman
By Sewvandhi
එක්සත් ජාතික පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් නායක අමාත්‍ය නවීන් දිසානායක මහතා සඳහන් කළේ, ඉදිරි මාස දෙක ඇතුළත පොලී අනුපාත පහළ දමනු ඇති බවයි.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, එතුමා මෙම අදහස් පළ කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නවීන් දිසානායක මහතා,
"මිනිසුන්ට තවමත් විශාල ආර්ථික ප්‍රශ්න තියෙනවා. අපි ඒක නෑ කියන්නේ නෑ. ප්‍රධානම වශයෙන් මහ බැංකු අධිපති නන්දලාල් මැතිතුමා එක්ක මම ගිය සතියේ සාකච්ඡා කළා ඊළඟ මාස දෙක ඇතුලත අනිවාර්යයෙන්ම පොලී අනුපාතය අඩු කරනවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අඩුගානේ 15%ත් 20% ත් අතර පොලී අනුපාතය අඩු කරන්නට බලාපොරොත්තුවක්ති යෙනවා."
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |