ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මුල්‍ය සහ නීති උපදේශක සේවා අවශ්‍ය වන්නේ ඇයි?

Sri Lanka Economic Crisis Sri Lanka Ministry of Finance Sri Lanka Sri Lanka Government
By Wayomi Jun 29, 2022 10:19 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කලින් අපි කතා කළා ලංකාව වැටිලා තියෙන ආර්ථික අගාධයෙන් ගොඩ ගන්න නම් ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය කියලා. ඒ වගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලත්. ඉතින් දැන් කතා කරන්න හදන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමකදී උපදෙස් සහ සහය ලබාගන්නේ කාගෙන්ද කියලා.

✒️ ලංකාවේ ණය හිමියන් විවිධාකාරයි. ඒ අතර බහු භාර්පාර්ශ්වීය, ද්විපාර්ශවීය සහ වාණිජ ණය ඇතුළත්.

✒️ බහු භාර්පාර්ශ්වීය ඊට අයත් වෙන්නේ (ආසියානු සංවර්ධන බැංකුව,ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ),

✒️ ද්විපාර්ශවීය (ජපානය, චීනය, ඉන්දියාව) 

✒️ වාණිජ ණය ( ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර, චීනයේ එක්සිම් බැංකුව )

✒️ මේ හැමතැනින්ම ණය අරන් තියෙන නිසා මේ ණය අඩු කර ගැනීමට නම් ,ශ්‍රී ලංකාව මේ සියලු ණයහිමි කණ්ඩායම් සමඟ සාකච්ඡා කළ යුතුයි.

✒️ යුරෝබොන්ඩ් හෙවත් ජාත්‍යන්තර සෛවරී බැඳුම්කර යනු නිකුත් කරනු ලබන්නාගේ රටින් බැහැර දී අලෙවි කරනු ලබන ඩොලර් බැඳුම්කරයි.

✒️ ශ්‍රී ලංකාවේ යුරෝබොන්ඩ් බැඳුම්කර ප්‍රමාණය සමස්ත ණයෙන් 34.6%කි.

✒️ මෙම ණය කාණ්ඩය අතිශය විවිධ වන අතර පුද්ගලයන් සහ ආයතන රැසක් ඒ සමඟ සම්බන්ධ වී සිටිනවා.

✒️ ගොඩක් වෙලාවට ඔවුන් ඒකාබද්ධව තම අභිලාෂයන් ඉටු කර ගැනීමට උත්සාහ කරනවා.

✒️ එබැවින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාකච්ඡාවේ දී ඔවුන් ඔවුන්ගේ මූල්‍ය හා නීති උපදේශකවරුන් භාවිතා කරනවා.

✒️ ඒ නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට තමන්ගේම මූල්‍ය සහ නීති උපදේශකවරුන් අවශ්‍යයි .  


මුල්‍ය උපදේශකවරුන් සහ නීති උපදේශකවරුන් කරන්නේ මොකක්ද?


මුල්‍ය උපදේශකවරුන්...

✒️ මොවුන් තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් ණය හිමියන් සමඟ සාකච්ඡා පවත්වනවා.

✒️ එමෙන්ම ඔවුන් ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොල සංඛ්‍යා පිළිබඳ හොඳින් දැනුවත් විශ්වාසවන්ත පිරිසක් වන අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකතුව ඔවුන් විසින් රටේ ණය අඩු කළ යුතු මට්ටම සහ එහිදී භාවිතා කළ යුතු මෙවලම් නිර්ණය කරනවා.

✒️ මේ අතර ඔවුන් ණය ලබාදුන් පාර්ශව වලට ද සාධාරණත්වය තහවුරු වන අන්දමින් කටයුතු කරනු ලබනවා.  


නීති උපදේශකවරුන්...

✒️ ගිවිසුමක් කියන්නේ නීති මේ බැඳීමක් සහිත කොන්ත්‍රාත්තුවක්.

✒️ ජාත්‍යන්තර වෙළෙඳ පොළේ ණය ලබාගන්නා ස්වෛරී ජාතියක් විසින් නීතිමය ගිවිසුමට එළඹෙනු ඇති.

✒️ නීතිමය කොන්ත්‍රාත් ගිවිසුම කොන්දේසි වෙනස් කිරීම සහ ගිවිසුම අලුත් එකඟතාවන් අනුව හැඩගසා ගැනීම සඳහා සඳහා නීති උපදේශක වරුන්ගේ සේවය අවශ්‍යයි.

✒️ බැඳුම්කර වෙනුවෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මතුවන තවත් ප්‍රශ්නයක් වන්නේ ණය හිමියන් අතරින් සුළු පිරිසක් ප්‍රතිව්‍යුහගත කරන ලද අලුත් කොන්දේසි වලට එකඟ නොවීමයි. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW