ඉදිරියේදී මොකද වෙන්නේ..? මුදල් රාජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්..
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ, ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ දිවයිනට පැමිණෙන බවයි.
ආර්ථිකයේ වර්ධනයට බාධාවක් නොවන අයුරින් එළැඹෙන මැතිවරණ සමය ගෙවී යනු ඇතැයි අපේක්ෂා කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
"අපි තුන්වැනි වාරිකය නිදහස් කරගැනීමට අදාළ දෙවැනි සමාලෝචනය අවසන් වූ පසු තුන්වැනි සමාලෝචනයට සූදානම්විය යුතුයි. නමුත් මෙය තුන්වැනි සමාලෝචනයට අදාළ දුත මණ්ඩල සාකච්ඡාවක් නොවෙයි. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රගතිය සහ ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කරන්න දූත මණ්ඩලය ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.
අපි බලාපොරොත්තු වෙන්නේ දැනට ඇති කරගෙන තිබෙන ස්ථාවරත්වය සහ මේ වසරේ මුල් කාර්තුවේ 5.1%ක ආර්ථික වර්ධන වේගයක් පෙන්නුම් කරලා තියෙනවා. මෙය වර්ෂය පුරා පවත්වා ගැනීම අපේ අපේක්ෂාවයි. බොහෝ පුරෝකථන කිව්වේ 2%ක වර්ධනයක් කියලා නමුත් මේ වසර තුළ 3%ත් 3.5%ත් අතර ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්න.
අපි විශ්වාස කරනවා මැතිවරණ සමය ආර්ථිකය වර්ධනයට බාධාවක් නොවේවි. එහෙම බාධාවක් නොවුණොත් මේ වසර තුළ 3.5%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්නවා. ඒක සුවිශේෂ තත්ත්වයක්. 2022දී ආර්ථිකයේ හැකිළීම 7.8%ක් වුණා එය 3.5% දක්වා වර්ධනය කරගැනීම තීරණාත්මකයි".