ජනතාවට ණය ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ගැන දැඩි තීරණයක් - ජනතාවට සහනයක්..

By Sewvandhi Dec 17, 2022 02:58 PM GMT
Report

ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් බොහෝ පිරිස් හට මේ වනවිට සිදුව ඇති අසාධාරණයන් මගහරවා ගැනීම සඳහා රට තුළ නීති රාමුවක් සකස් කිරීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කළා.

බොහෝ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව ඉතා ඉහළ පොලී අනුපාතයක් යටතේ ක්‍ෂුද්‍ර මූල්‍ය ණය ලබාගෙන ඇති බවට අනාවරණය වී ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. ඒ අනුව එම ණය මුදල් නියාමනයට අධිකාරියක් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එසේම හඳුනාගත් ආයතන වෙනුවට හඳුනා නොගත් ආයතන සිදුකළ ආයතන කෙරෙහිද අවධානය යොමු කර ඇති බව සඳහන්. මේ අතර, ලොව විවිධ රටවල් මුහුණ දී ඇති ණය අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වටමේස සාකච්ඡාවකට එක්වීමට චීනය එකඟතාව පළකර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබෙනවා. 

 එම සාකච්ඡා සඳහා පුද්ගලික අංශයේ ණය හිමියන් ද එක්වීමට නියමිත අතර, එහිදී ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණ දී ඇති ණය අර්බුදය සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට ද යෝජිත බවයි ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අවධාරණය කර ඇත්තේ.