ලංකාවම සතුටු කඳුළින් හඬවමින්, අපේ සිංහ කෙල්ලන්ට තියුණු ජයක්.. (UPDATE/PHOTOS)
UPDATE:-
අද(28) 2024 කාන්තා ආසියානු කුසලාන ශූරියන් බවට පත් වීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායට හැකි විය.
ඒ කඩුළු 08කින් ඉන්දියාව පරාජයට පත් කරමින් ය.
අද රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්හ වූ 2024 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 165ක් රැස් කිරීමට සමත් විය.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී යාමෙන් ය.
-------------------------------------------------
තියුණු තරඟයකින් පසුව, ඉන්දියාවෙන් අපේ කෙල්ලන්ට ලැබුණ ඉලක්කය මෙන්න.. (UPDATE/LIVE)
අද (28) ආරම්හ වූ 2024 කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කාන්තා කණ්ඩායම ලකුණු 165ක් රැස් කිරීමට සමත් විය.
ඒ පන්දුවාර 20 අවසානයේ කඩුළු 06ක් දැවී යාමෙන් ය.
තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ය.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කාන්තා කණ්ඩායමේ Shafali Verma ලකුණු 16ක්ද, නායිකා Harmanpreet Kaur ලකුණු 11ක්ද, Uma Chetry ලකුණු 09ක්ද, Jemimah Rodrigues ලකුණු 29ක්ද, අගනා ඉනිමක් ක්‍රීඩාකළ Smriti Mandhana ලකුණු 60ක්ද, Richa Ghosh ලකුණු 30ක්ද රැස් කිරීමට සමත් විය.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ කවීෂා ඩිල්හාරි කඩුළු 02ක්ද, චමරි අතපත්තු, උදේෂිකා ප්‍රබෝධානි සහ සචිනි නිසංසලා එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත්, ඒ අනුව ආසියානු කුසලාන සිහිනය සැබෑ කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට හිමිවූ පිළිතුරු ඉලක්කය ලකුණු 166ක් විය.
-------------------------------------------------
ලංකාවට ද?. ඉන්දියාවට ද?. ලංකාවම මේ වෙලාවේ බලා ඉන්න කාන්තා මැච් එකේ කාසියේ වාසිය තීරණය වෙයි..(LIVE/PHOTOS)
අද (28) කාන්තා ක්‍රිකට් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙයි.
ඒ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරය.
එහි කාසියේ වාසිය දිනා ගැනීමට ඉන්දීය නායිකා හර්මන්ප්‍රීත් කෞර් සමත් විය.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඇය තීරණය කළා ය.
කෙසේ වෙතත්, මෙම තරගය 20යි 20 තරගයක් ලෙස පැවැත්වෙයි.
එහි සජීවී දර්ශන පහතින් නරඹන්න,
.
-
NPP 6863186 | 159 Seats
Jathika Jana Balawegaya
61.56% -
SJB 1968716 | 40 Seats
Samagi Jana Balawegaya
17.66% -
NDF 500835 | 5 Seats
New Democratic Front
4.49% -
SLPP 350429 | 3 Seats
Sri Lanka Podujana Peramuna
3.14% -
OTHERS 1464840 | 18 Seats
All Other Parties
13.14%