ලිස්සා ගොස් අනූනවයෙන් බේරුණු මගී ගුවන්යානය..

Plane Crash Accident South Korea
By Sewvandhi Oct 24, 2022 07:51 AM GMT
Report

කොරියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් පිලිපීනයේ සිබූ ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ධාවන පථයෙන් ලිස්සා ගොස් අනතුරක් සිදුව තිබුණි.

ඊයේ (23) සවස එම අනතුර සිදුව තිබූ අතර ඉන් යානයේ සිටි කිසිවෙක් ට තුවාල සිදුනොවූ බව එම ගුවන් සමාගම නිවේදනය කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ යානය තුළ මගීන් 173 දෙනෙක් සිටි බව වාර්තා විය.

සෝල් නගරයේ සිට සිබූ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි එම යානය අයහපත් කාලගුණය හේතුවෙන් ගොඩබාන විට ලිස්සා ගොස් තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now