FIFA 2026 ඊළඟට වෙන්නේ මොකක්ද? තීරණාත්මක තරග කාලසටහන එළියට

Football FIFA World Cup Sports Latest Headlines Sinhala news
By R.rishma Jun 28, 2026 11:23 AM GMT
Report

2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තීරණාත්මක 32 දෙනාගේ වටයේ සම්පූර්ණ තරග කාලසටහන මේ වන විට නිල වශයෙන් නිකුත්කර තිබේ.

එම නිල තරග කාලසටහනට අනුව මෙම වටයේ පළමු තරගය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී දකුණු අප්‍රිකාව සහ කැනඩාව අතර ශ්‍රී ලංකාවේ වේලාවෙන් ජුනි 29 වෙනිදා අලුයම 12 30 ට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

ඉන් අනතුරුව ජුනි 29 වන සඳුදා දින අමෙරිකාවේ හූස්ටන් ක්‍රීඩාංගණයේදී බ්‍රසීලය සහ ජපානය අතර ප්‍රබල තරගයක් පැවැත්වෙන අතර එය මෙරට වේලාවෙන් රාත්‍රී 10 30 ට ආරම්භ වීමට නියමිතය. 

එමෙන්ම අමෙරිකාවේ බොස්ටන් ක්‍රීඩාංගණයේදී ජර්මනිය - පැරගුවේ අතර පැවැත්වෙන තරගය මෙරට වේලාවෙන් ජුනි 30 වැනිදා අලුයම 2 00 ට ආරම්භවීමට නියමිතව ඇති අතර නෙදර්ලන්තය සහ මොරොක්කෝව අතර තරගය මෙක්සිකෝවේ එස්ටාඩියෝ මොන්ටෙරේ ක්‍රීඩාංගණයේදී ජුනි 30 වැනිදා අලුයම 5 30 ට පැවැත්වේ.

මේ අතර නිකුත් වූ තරග කාලසටහනට අනුව ජුනි 30 වන අඟහරුවාදා දින කෝට් ඩිවෝවාර් සහ නෝර්වේ අතර තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 10 30 ට අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

ප්‍රංශය සහ ස්වීඩනය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය නිව්යෝර්ක් නිව්ජර්සි ක්‍රීඩාංගණයේදී ජූලි 1 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 2 30 ට ආරම්භ වන අතර මෙක්සිකෝව සහ ඉක්වදෝරය අතර තරගය ජූලි 1 වැනිදා මෙරට වේලාවෙන් උදෑසන 6 30 ට මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මීට අමතරව ජූලි 1 වන බදාදා දින තරග කාලසටහනට අනුව එංගලන්තය සහ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය අතර තරගය අමෙරිකාවේ ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් රාත්‍රී 9 30 ට ඇරඹීමට නියමිතය.

අමෙරිකාවේ සියැටල් ක්‍රීඩාංගණයේදී බෙල්ජියම සහ සෙනගාලය අතර පැවැත්වෙන තරගය ජූලි 2 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 1 30 ට පැවැත්වීමට නියමිතව ඇති අතර සත්කාරක අමෙරිකාව සහ බොස්නියාව සහ හර්සගොවිනාව අතර තරගය අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ඒරියා ක්‍රීඩාංගණයේදී ජූලි 2 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 4 30 ට ආරම්භ වේ.

මේ අතර ජූලි 2 වන බ්‍රහස්පතින්දා දින තරග කාලසටහනට අනුව ලෝක පූජිත ස්පාඤ්ඤය සහ ඔස්ට්‍රියාව අතර තරගය අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ජූලි 3 වැනිදා අලුයම 12 30 ට පැවැත්වේ.

පෘතුගාලය සහ ක්‍රොඒෂියාව අතර තරඟය කැනඩාවේ ටොරොන්ටෝ ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ජූලි 3 වැනිදා අලුයම 4 30 ට ඇරඹෙන අතර ස්විට්සර්ලන්තය සහ ඇල්ජීරියාව අතර තරගය කැනඩාවේ බීසී ප්ලේස් වැන්කුවර් ක්‍රීඩාංගනයේදී මෙරට වේලාවෙන් ජූලි 3 වැනිදා උදෑසන 7 30 ට පැවැත්වේ. 

අවසාන වශයෙන් ජූලි 3 වන සිකුරාදා දින තරග කාලසටහනට අනුව ඔස්ට්‍රේලියාව සහ ඊජිප්තුව අතර තරඟය අමෙරිකාවේ ඩලස් ක්‍රීඩාංගණයේදී මෙරට වෙලාවෙන් රාත්‍රී 11 30 ට ඇරඹේ.

ප්‍රබල ආර්ජන්ටිනාව mහ කේප් වර්ඩ් අතර තරගය අමෙරිකාවේ මියාමි ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ජූලි 4 වැනිදා අලුයම 3 30 ට පැවැත්වෙනු ඇති අතර කොලොම්බියාව සහ ඝානාව අතර තරගය අමෙරිකාවේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණයේදී මෙරට වේලාවෙන් ජූලි 4 වැනිදා උදෑසන 6 00 ට ආරම්භවීමට නියමිතව ඇත.