කුඹුරු ගැනත් අලුත්ම වැඩක් - ජියෝ ගොවියා යෙදවුමත් භාවිතා කරයි..
Mahinda Amaraweera
Sri Lanka Politician
Sri Lanka
Ministry of Agriculture
By krishani
මේ වන විට දිවයින පුරා පවතින කුඹුරු සිතියම්ගත කිරීම ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර ඇත.
ඒ අනුව ජියෝ ගොවියා යෙදවුම ඔස්සේ එම කටයුතු සිදු කෙරෙනු ලබයි.
මෙහි අරමුණ මෙරට කොපමණ කුඹුරු ඉඩම් ප්‍රමාණයක් පවතින්නේ ද යන්න තහවුරු කර ගැනීම බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ ය.
මේ අතර නොමිලේ සිදු කරන මෙම සිතියම්ගත කිරීම් සඳහා ඇතැම් කුඹුරු ඉඩම් හිමි ගොවීන්ගෙන් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාරවරුන් මුදල් අය කරන බවට තොරතුරු වාර්තා වී ඇති බව වාර්තා වේ.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ කඩිනම් විමර්ශනයක් සිදු කරන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දුන් බවයි.