වහාම ක්‍රියාත්මක පරිදි අද සිට යූරියා පොහොර මිල පහල දැමේ
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By Sewvandhi
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ,රුපියල් 10,000කට ලබාදුන් යූරියා පොහොර මිටිය අද (15) දිනයේ සිට රුපියල් 9,000කට ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කරයි.
එතුමා වැඩිදුරටත් සඳහන් කළේ, පසුගිය කාලයේ රුපියල ශක්තිමත්වීමත්, වියදම් අඩු කරගැනීම මත ගොවි ජනතාවට එම වාසිය ලබාදීමට හැකිවූ බවයි.
මෙම කන්නය සඳහා මඩ පොහොර නොමිලේ ලබාදීම ක්‍රියාත්මක කළ බවත් බණ්ඩි පොහොර මිල රුපියල් 4,500 කින් අඩුකර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සමහර නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා ගොවීන්ට නිසි වේලාවට පොහොර නොලැබුණු බවත් ඒ සම්බන්ධයෙන් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබෙන බවත් ඉදිරියේදී ගොවි ජනතාවට සේවය කිරීමට කටයුතු නොකරන නිලධාරීන්ගේ තරාතිරම නොබලා කටයුතු කිරීමට පසුබට නොවන බවයි.