පොහොර මිල පහළට..!
Mahinda Amaraweera
Sri Lanka
Ministry of Agriculture
By Sewvandhi
කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, මෙවර යල කන්නයේ වී වගාව සඳහා බණ්ඩි පොහොර මිල රුපියල් 4,500කින් පහළ දැමීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවයි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ බණ්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් රුපියල් 18,500ක පමණ මිලකට අලෙවි වන බැවින් එම මුදල ගොවි ජනතාවට දරා ගැනීමට අපහසු නිසා මිල අඩු කිරීමට තීරණය කළ බවයි.
මේ පිළිබඳ අවසන් තීරණය ලබන සතියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේ දී ගනු ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.
මෙරටට පොහොර ආනයනය කරන සහ බෙදාහරින පොහොර සමාගම් සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති බැවින් මෙම තරඟකාරීත්වයේ වාසිය ගොවි ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසා තිබෙනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |