දෙසැම්බර් 01 වන දා සිට ජනවාරි 15 දක්වා රට පුරා විශේෂ වැඩ පිළිවෙළක්..

Sri Lanka Businessman
By Aruna Nov 28, 2022 06:53 AM GMT
Report

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගිකයන්ට සිදු විය හැකි අසාධාරණකම් වැලැක්වීම සඳහා ජනවාරි 15 වැනිදා දක්වා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා සෑම දිස්ත්‍රික්කයකටම අනුයුක්ත කර ඇති පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සියලු විමර්ශන නිලධාරීන් වැටලීම් හා විමර්ශන කටයුතු සඳහා යොමු කරවන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නොවැම්බර් 30 වැනිදාට පෙර සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ප්‍රධාන තොග අලෙවිසැල් හා ගබඩා පරීක්ෂා කිරීම් මෙන්ම වැටලීම් ද සිදු කළ යුතුය.

එමගින් කල් ඉකුත් වූ හා තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපොළට පැමිණීම වැළැක්වීමට හැකි බව එම අධිකාරිය සඳහන් කරයි.

දෙසැම්බර් 01 වැනිදා සිට 2023 ජනවාරි 15 වැනිදා දක්වා සිල්ලර වෙළෙඳසැල් වැටලීම් හා විමර්ශන සඳහා වැඩි අවධානයක් යොමු වන අතර, ඊට අමතරව ජංගම වෙළෙඳුන් සහ සේල් වැනි දෑ ද මෙම විශේෂ වැඩපිළිවෙළට අදාළව අධීක්ෂණය කෙරේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now