මෙරට ගැහැණු රිළා සතුන්ට ලූපයක්.

By krishani Oct 30, 2023 12:57 AM GMT
Report

මෙරට රිළා ගහණය අවම කර ගැනීම සදහා ගැහැනු සතුන්ට වඳ සැත්කම් කිරිමට විශාල මුදලක් වැය වේ.

ඒ හේතුවෙන් ගැහැණු රිළා සතුන්ට ලූපයක් දැමිම කෙරෙහි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ අවධානය යොමු වී ඇත.

ඒ අනුව ගැහැණු රිළා සතුන්ගේ ඩිම්බකෝෂවල ප්‍රමාණයන් හා ලිංගික ප්‍රදේශය පිළිබඳ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් මේ වන විට අධීක්ෂණය කරමින් සිටින බව පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය අතුල දන්ගොල්ල පැවසීය.

කෙසේ වෙතත්, මෙම ලූපය අලුතින්ම නිර්මාණය කිරීමට සිදු වේ.

ඒ හේතුවෙන් ඊට අවශ්‍ය ප්‍රතිපාදනයන් ලබා ගැනීමට සඳහා පරිත්‍යාගශීලියෙකුගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ඒ මහතා සඳහන් කළේ ය.