පෙබරවාරිය සඳහා කළ දෙයක් ගැන මහ බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(නිවේදන)

Central Bank of Sri Lanka Latest Headlines Decision Making
By krishani Feb 16, 2024 11:03 AM GMT
Report

2024 පෙබරවාරි මාසය සඳහා මුදල් ප්‍රතිපත්ති වාර්තාව මහ බැංකුව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

පෙබරවාරිය සඳහා කළ දෙයක් ගැන මහ බැංකුවෙන් එකවරම විශේෂ දැනුම්දීමක් මෙන්න.(නිවේදන) | February 2024 Monetary Policy Report Released

එය 2024 ජනවාරි මාසයේ මුදල් ප්‍රතිපත්ති සමාලෝචන වටයට අදාළ තීරණ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සැලකිල්ලට ගනු ලැබූ තොරතුරු මත පදනම්ව නිකුත් කර ඇත.

ආර්ථික වර්ධනය සහ උද්ධමනයට අදාළව ඉදිරි දැක්මක් සැපයීම සඳහා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන දෙවන මුදල් ප්‍රතිපත්ති වාර්තාව මෙය බව මහ බැංකුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, දේශීය සහ ගෝලීය වශයෙන් දැනට පවතින මෙන්ම අපේක්ෂිත ප්‍රවණතා සැලකිල්ලට ගනිමින්, උද්ධමන සහ ආර්ථික වර්ධන පුරෝකථන සඳහා පවතින අවදානම් පිළිබඳව ඇගයීමක් ඉදිරිපත් කර තිබීම ද දැකිය හැකිය.

එම නිවේදනය පහතින්,

GalleryGalleryGallery