අසාර්ථක වීමේ බිය දුරු කරන ප්‍රතිකාර.

By Wayomi Sep 23, 2022 06:02 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

සාර්ථක වෙන්න කොච්චර ආසාව තිබ්බත් ඒ වෙනුවෙන් හිතලා ටික දවසක් වෙහෙසෙනවා. හැබැයි ආයේ ඔබ ඒ අරමුණු ඉබේම අත් හරිනවා. ඒ හැමදේටම මුල ඔබ තුළ තියෙන අසාර්ථක වීමේ බියයි. ඇත්තටම මේක බොරු බියක්. එහෙමත් නැත්නම් අනියත බියක් කිවුවොත් නිවැරදියි. එම බිය කාංසාව හෝ මානසික අවපීඩනය වැනි වෙනත් මානසික සෞඛ්‍යය තත්වයක් සමඟ සම්බන්ධ වෙන්න පුළුවන්.

අසාර්ථක වීමේ බිය නිසා චිත්තවේගීය හා චර්යාත්මක රෝග ලක්ෂණ (පොදු රෝග ලක්ෂණ)

🟢 කාංසාව

🟢 අන් අය සහ අවස්ථා මගහැරීම

🟢 ස්වයංපාලනයක් නැති බව දැනීම

🟢 අසරණකම

🟢 තමන් බල රහිත අයෙකු බව සිතීම

🟢 චිත්තවේගීය සහ චර්යාත්මක රෝග ලක්ෂණ වලට අමතරව, අසාර්ථක වීමේ බිය ඇති පුද්ගලයින්ට වේගවත් හෘද ස්පන්දනය

🟢 පපුවේ තද ගතිය

🟢 වෙව්ලීම

🟢 කරකැවිල්ල

🟢 දහඩිය දැමීම ආහාර ජීර්ණ ගැටළු ඇතුළු ශාරීරික රෝග ලක්ෂණ අත්විඳිය හැකියි.


ඔබ තුළ ඇති මේ භීතිය හඳුනාගන්නේ මෙහෙමයි

🟢 යමක් සාක්ෂාත් කර ගැනීමට ඔබට කුසලතා හෝ දැනුමක් නොමැති බව විශ්වාස කිරීම

🟢 ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට නොහැකි වනු ඇතැයි හැඟීම

🟢 කාර්යක්ෂමතාවයට හෝ නියමිත වේලාවට වැඩ අවසන් කිරීමට ඇති හැකියාවට බලපාන තරමට වැඩ කල් දැමීම

🟢 ඔබ අසාර්ථක වනු ඇති බව අන් අය ඔබට පැවසීම නිසා ඔබේ අපේක්ෂාවන් අඩු මට්ටමක පැවතීම

🟢 මානසිකව වැටීම වළක්වා ගැනීම සඳහා ඔබට ඇති හැකියාවන් අවතක්සේරු කිරීම

🟢 අසම්පූර්ණකම් හෝ අඩුපාඩු නිසා අන් අය ඔබ ගැන සැහැල්ලුවෙන් සිතනු ඇතැයි කනස්සල්ලට පත් වීම

🟢 ඔබ අසමත් වුවහොත් අන් අය ඔබ ගැන කලකිරෙනු ඇතැයි සිතා කනස්සල්ලට පත්වීම

🟢 සමහර අවස්ථාවලදී, අසාර්ථක වීමේ බිය නිසා මිනිසුන් සම්පූර්ණයෙන්ම උත්සාහ කිරීමෙන් වැළකී සිටිය හැක.

🟢 උත්සාහ කර සාර්ථක නොවනු ඇතැයි ඔවුන් තුළ ඇති බිය නිසා, මුහුණදීමට සිදුවිය හැකි වේදනාව, ලැජ්ජාව හෝ බලාපොරොත්තු කඩවීම වැළැක්වීම සඳහා ඔවුන් කිසිසේත් උත්සාහ නොකර සිටීමට තීරණය කරයි.


අසාර්ථක වීමේ බිය ඇතිවීමට හේතු


විවේචනාත්මක පරිසරයක

🟢 විවේචනාත්මක හෝ සහයෝගය නොදක්වන පවුල්වල හැදී වැඩෙන ළමයින් අසාර්ථක වීමේ බිය අත්විඳිනවා. ළමා කාලය තුළ තම පවුලේ අපේක්ෂාවන්ට අනුව කිසිදාක ජීවත් විය නොහැකි බව ඔවුන්ට හැඟුණු නිසා, ඔවුන් වැඩිහිටියන් බවට පත්වූ පසු අතපසුවීම් වලට බිය වෙනවා.

වැරදි අර්ථකථන

🟢 අසාර්ථකත්වය කුමක්ද යන්න පිළිබඳව මිනිසුන්ට විවිධ අර්ථකථනයන් තිබෙනවා. සමහර අය, සිතන්නේ ඔවුන් අපේක්ෂා කළ පරිදි යමක් ඉටුකර ගැනීමට නොහැකිවීම බවයි.

කම්පනය

🟢 දුෂ්කර හෝ අප්‍රසන්න අත්දැකීම් වලට මුහුණ දුන් පුද්ගලයින් අනාගතයේදී එම අත්දැකීම් වලට නැවත මුහුණදීමට බිය වෙනවා. එමෙන්ම රැකියාව අහිමිවීම හෝ උසස් අධ්‍යාපනය සඳහා අධ්‍යාපනික ආයතනයකට ඇතුළත් වීමට නොහැකිවීම වැනි ඍණාත්මක ප්‍රතිඵලද අසාර්ථක වීමේ බියක් දක්වනවා.


අසාර්ථක වීමේ භීතිය නිසා ඇතිවන බලපෑම

🟢 අඩු ආත්ම අභිමානයක් ඇති කර ගැනීම.

🟢 දුර්වල අභිප්‍රේරණය (motivation) ඇතිවීම. ඒ වගේ අය යම් දෙයක් ඉතා අභියෝගාත්මක බවක් පෙනෙන විට හෝ ඒ සඳහා නව නිපුණතා ඉගෙනීමට සිදු වූ විට, සරලවම එය අත්හැරීමට හෝ සම්බන්ධ වීම ප්‍රතික්ෂේප කරනු ලබනවා.

🟢 අසමත් වේ යැයි බියෙන් සිටින සිසුන් බොහෝ විට තම අධ්‍යාපනික සාර්ථකත්වය සීමා කරන සහ අසාර්ථකත්වය සදාකාලික කරන ස්වයං-අබාධිත (self-handicapping) හැසිරීම් වල නිරත වන බව පර්යේෂණයන්ගෙන් හෙළිවී තිබෙනවා.

🟢 ලැජ්ජාව සහ සබකෝලය.


ප්‍රතිකාර

🟢 අසාර්ථක වීමේ බිය සඳහා ප්‍රතිකාර කිරීම රඳා පවතින්නේ ඔබ මෙම බිය අත්විඳින ආකාරය සහ එය ඔබේ ජීවිතයට ඇති කරන බලපෑම ඇතුළු විවිධ සාධක මතයි.

🟢 අසාර්ථකත්වය පිළිබඳ බිය ඔබේ එදිනෙදා ක්‍රියාකාරකම් වලට බාධාවක් නම්, මනෝ චිකිත්සකවරයකු සමඟ කතා කිරීම වැදගත්.

🟢 ඔබේ බියට සම්බන්ධ විය හැකි කාංසාව හෝ මානසික අවපීඩනය වැනි හැඟීම් කළමනාකරණය කිරීමට උත්සහ කරන්න ඕන

🟢 යමක් කිරීමට පළමුව ප්‍රතිඵලය ගැන හොඳින් සිතන්න.

🟢 යම්කිසි දෙයක් කිරීමට පළමුව, එම ක්‍රියාවේදී මුහුණදීමට සිදුවිය හැකි නරකම ප්‍රතිඵලය ගැන සිතා එයට ගැලපෙන අන්දමට ඔබගේ උපාය මාර්ග සකස් කර ගැනීමෙන් එම ක්‍රියාව සිදු කිරීමට යෑමේදී ඔබට සිදුවන අපහසුතා අවම කරගැනීමට පුළුවන්.

🟢 ඔබට පාලනය කරගත හැකි දේවල් ගැන පමණක් සිතන්න

🟢 ඔබට පාලනය කරගත නොහැකි දේවල් ගැන සිතමින් කරදර වනවාට වඩා ඔබට පාලනය කළ හැකි, ඔබේ පාලනය තුළ තිබෙන දේවල් ගැන පමණක් සිතීම වැදගත්.

🟢 කලින් සැලසුම් කරන්න. ඔබ අසාර්ථක වේ යැයි බිය ඇතිවන අන්දමේ දෙයක් කිරීමට කලින් එය හොඳින් සැලසුම් කරන්න. ඊට අමතරව මූලික සැලසුම අසාර්ථක වුවහොත් ක්‍රියාත්මක කිරීම සඳහා A හා B යන විකල්ප සැලසුම් ද කලින් සකස් කර ගන්න.

🟢 ඔබේ විශ්වාසය බිඳ දැමිය හැකි සහ කාංසාවේ හැඟීම් ඇති කළ හැකි නිෂේධාත්මක ස්වයං කතාවලින් වළකින්න. ඒ වෙනුවට, ඔබේ අභිප්‍රේරණය ඉහළ මට්ටමක තබා ගැනීමට ශුභවාදියෙකු මෙන් සිතන්න.

🟢 අසාර්ථක වීමේ බිය සෑම කෙනෙකුම කලින් කලට අත්විදීමට සිදුවියහැකි දෙයක්, නමුත් ඔබේ හැඟීම සහ සිතුවිලි අතරින් ඔබටම ඔබේ විය දුරු කරගන්න පුළුවන්. 


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW