පියාගේ නිළ ඇඳුමේ බොත්තම් සොරකම් කලායි පොලිස් පියා පුතාට නඩු දාලා..
                                    
                    Sri Lanka Police
                
                                                
                    Anuradhapura
                
                                                
                    Sri Lanka
                
                        
        
            
                
                By Piyumika
            
            
                
                
            
        
    අනුරාධපුර ප්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයෙකු තම පුත්‍රයාට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඒ නිවසේ තිබී පොලිස් නිල ඇඳුමේ නිල අංක තහඩුව සහ නිල ඇඳුම් බොත්තම් දෙකක් සොරකම් කර ඇතැයි කියාය.තම පුතා මෙම අපරාධය කර ඇති බව පවසමින් පියා විසින් රාජාජංගන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
සාලියවැව පොලිස් ස්ථානයේ රාජකාරියේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙක් මෙලෙස පැමිණිල්ල කර ඇති අතර සැකකරුගේ පුත්‍රයා නිවසින් පැන ගොස් ඇති බවයි පියා ප්‍රකාශ කළේ.
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද රාජංගන පොලිසිය පවසයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    