යූ ටියුබ් එක ජනප්රිය කරගන්න දියණියගේ නිරුවත් ඡායාරූප ගන්න ගිය පියා එලොව යැවූ බිරිඳ. (VIDEO)
වැල්ලව පොලිස් වසමේ, බලගහගම ප්රදේශයේ නිවසක් තුළදී බිරිඳ විසින් තියුණු ආයුධයකින් පහර දී තම සැමියා ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වෙනවා.
එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ , රෝහල් උපස්ථායකයෙකු ලෙස සේවය කළ වැල්ලව ප්රදේශයේ, බලගහගම පදිංචි 38 හැවිරිදි දෙදරු පියෙක්.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මෑතකදී ආරම්භ කළ තම යූ ටියුබ් නාලිකාව ජනප්රිය කර ගැනීමේ අරමුණින් එහි පළ කිරීම සඳහා තම 14 හැවිරිදි එක ම දියණියගේ නිරුවත් ඡායාරූප බලහත්කාරයෙන් ලබා ගැනීමට උත්සහ කිරීමේදී බිරිඳ විසින් මෙම පුද්ගලයාව කපා කොටා ඝාතනය කර ඇති බවයි වැල්ලව පොලිසිය සඳහන් කළේ.
බිරිඳ සිය සැමියා ඝාතනයට ලක් කිරීමට පෙර තම 14 හැවිරිදි දියණිය හා 9 හැවිරිදි පුතා නිවසේ කාමරයකට දමා දොර වසා දමා තිබෙනවා.
අනතුරුව සැකකාරිය තම සැමියා නාන කාමරයට ගිය පසු ඔහුගේ ඇස්වලට මිරිස් කුඩු ගසා ඇති අතර ඉන්පසු ඔහු නාන කාමරයෙන් එළියට පැමිණීමේදී නිවසේ සාලය තුළදී කපා කොටා ඝාතනය කර ඇත.
පොලිස් විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, ඝාතනයට ලක් වූ පුද්ගලයා තම යූ ටියුබ් නාලිකාව ජනප්රිය කර ගැනීමට නිරුවත් කාන්තා ජායාරූප එක් කරමින් සිටි අයෙක් බවයි.