පියෙකු විසින්, නිදා සිටි පුතුව පොරවෙන් කොටා මරා දමයි

Kurunegala Sri Lanka Sri Lanka Police Investigation Crime
By Sewvandhi Nov 05, 2022 09:06 AM GMT
Sewvandhi

Sewvandhi

in අපරාධ
Report

පියෙකු විසින් තම පුතු ඝාතනය කළ බවට වාර්තා වන පුද්ගල ඝාතනයක් රිදීගම පොලිස් වසමේ උඩළුපොල ප්‍රදේශයෙන් සිකුරාදා (4) වාර්තා වී ඇති බව පොලිසිය පවසයි.

සිකුරාදා (4) අලුයම මෙම ඝාතනය සිදුව තිබේ. සැකකරු 29 හැවිරිදි තරුණයාට නිදා සිටියදී පොරවකින් පහර දී ඇති බව වාර්තා වේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති අතර මුදල් ඉල්ලා දෙමාපියන්ට නිතර කරදර කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන ඇති අතර මෘත ශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. රිදීගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now