නාගයකු ලවා තම බිරිද සහ දියණිය මරා දැමූ පියා - වාර්තා වන ඇග හිරි වැටෙන පුවත..

Tamil Nadu Police India Crime Cobra Odisha
By Sewvandhi Nov 24, 2023 11:41 AM GMT
Report

ඉන්දීයාවේ ඔඩිෂා ප්‍රාන්තයේ ගන්ජාම් ප්‍රදේශයේ 25 හැවිරිදි පුද්ගලයෙක් පසුගිය ඔක්තොම්බර් 06 වනදා ප්ලාස්ටික් භාජනයක දමාගෙන නාගයෙකු රැගෙනවිත් ඔහුගේ බිරිඳ සහ අවුරුදු දෙකක දියණිය නිදා සිටි කාමරයට මුදා හැර ඔහු නිවසේ වෙනත් කාමරයක නිදාගෙන ඇති අතර, බිරිඳ සහ දියණිය නාගයා දෂ්ට කිරීට ලක්ව මියගොස් සිටිය දී පසුදින උදෑසන සොයාගෙන තිබෙනවා.

පොලිසිය විසින් මෙම මරණයන් ස්වභාවික මරණයන් ලෙස සලකා පරීක්ෂණ අවසන්කර තිබිය දී මියගිය බිරිඳගේ පියා විසින් මෙය ඝාතනයක් බවට සැකයක් පවතින බව පවසමින් පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා.

පසුව මේ සම්බන්ධයෙන් සැමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී මෙම ඝාතනයන් සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති බවත් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත මෙම අපරාධය සිදුකරන්නට තමන් පෙළඹුණු බවට සැකකරු පොලිසිය හමුවේ වැඩිදුරටත් පවසා ඇති බව සඳහන්.

ඝාතනය කළ සැකකාර සැමියා ඊයේ දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වුණේ.