සිය දස හැවිරිදි දියණිය.. පියා අතින් දුෂණය වූ භයානක සිදුවීම...

Child Abuse School Children
By Sithumini Jul 23, 2024 05:39 AM GMT
Sithumini

Sithumini

in අපරාධ
Report

දියණිය සහ පියා අතර පවතින්නේ ඉතාම අන්‍යොන්‍ය ආදරණීය බැදීමක්. ඒ බැදිමට අපිට වචනය්ක් දෙන්න අමාරුයි.

එය ඒ තරම් සංකීර්ණ බැදීමක්ං එවන් පසුබිමක පස්සර ප්‍රදේශයෙන් වාර්තා වන්නේ සාහසික පුවතක්.

ඇයට වයස අවුරුදු 10යි.

ඇගෙ පියා ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ සිය පියා අතින් ඇයව දූෂණයට ලක්වීම හේතුවෙන්ං

මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන ඇත්තේ 45 හැවිරිදි වැල්ගොල්ල, පස්සර ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක් බව අපට වාර්තා වුණා.

දියණියගේ හැසිරීම් රටාවේ යම් වෙනසක් දක්නට ලැබී ඇති අතර ඒ පිළිබදව ඇගේ මව විමසා තිබෙනවා. එහිදි ඇය කියූ දෙයින් මවටද ඇතිවන්නට ඇත්තේ දැඩි අප්‍රසන්න හැගීමක්.

දැරියගේ මව කුඹුරේ වැඩට ගිය අවස්ථාවේ දී පියා තමාට සිදුකළ අතවරය පිළිබඳව දැරිය මවට පවසා තිබුණා

අනතුරුව මෙම පුදගලයා අත්අඩංගුවට ගෙන තිබුනේ දැරියගේ මව පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි.

 සිද්ධියට මුහුණදුන් දැරිය පස්සර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට මාරුකර යැවීමට කටයුතු කළ බවද පොලීසිය සඳහන් කළා.