දියණියව බේරාගන්න ගිය පියා දුම්රියේ ගැටී මියයයි..සංවේදි කතාව

Srilanka Corona virus covid 19
By Sithumi Feb 25, 2022 03:10 PM GMT
Report

දුම්රිය හරස් මාර්ගයක් හරහා පාපැදියකින් ගමන්කිරීමට උත්සාහ කළ තරුණියක් දුම්රියේ ගැටීමෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති බව වාර්තා වෙයි. එම තරුණියව බේරාගැනීමට උත්සාහ කළ ඇයගේ පියා ද දුම්රියේ ගැටී බරපතළ තුවාල ලබා තිබේ

. යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයට ආසන්නයේ දී එම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි. එම අනතුරින් මියගොස් ඇත්තේ කොකුවිල් ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණියකි. කොළඹ සිට කන්කසන්තුරෙයි දක්වා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.

අදාළ තරුණිය පාපැදියෙන් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්කරන අවස්ථාවේදි තරුණිය දුම්රියක් පැමිණෙන බව දැක නොමැත. දුම්රිය පැමිණෙන බව දුටු තරුණියගේ පියා විසින් දිවගොස් දියණිය බේරා ගැනීමට උත්සාහ ගැනීමේදී පියා ද දුම්රියේ ගැටී විසි වී ඇත.

කෙසේවෙතත් තරුණිය දුම්රියට යටවී ඇති අතර අදාළ අනතුරින් බරපතළ තුවාල ලැබූ පියා රෝහලගත කර තිබේ. එම තරුණිය එම ස්ථානයේම මිය ගොස් තිබුණි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now